
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහෙස්ත්රාත්වරුන් විසින් යම් සැකකරුවකු හෝ සිරකරුවකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කිරීම නොකළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අධිකරණ නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්රසන්න අල්විස්ගේ අත්සනින් යුතුව කොමිෂන් සභාවේ තීරණය චක්රලේඛයක් මගින් දැනුම් දී ඇත.
ඇතැම් මහෙස්ත්රාත්වරුන්ගේ නියෝග මත සැකකරුවන් හෝ සිරකරුවන් විශේෂ ස්ථානවල රඳවා ඇති බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම චක්රලේඛය නිකුත් කර තිබේ.
එම චක්රලේඛය මගින් මහෙස්ත්රාත්වරුන් යම් සැකකරුවකු හෝ සිරකරුවකු විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස නියා්ග නොකළ යුතු බවත් විවෘත අධිකරණයේදී ඒ සඳහා ලැබෙන ඉල්ලීම්, අදාළ බන්ධනාගාර අධිකාරිවරයාගේ ආවදානයට ලක් කිරීම ප්රමාණවත් බවද එම චක්රලේඛයෙන් දැනුම් දී ඇත.
මහෙස්ත්රාත්වරුන්, සැකකරුවන් හෝ සිරකරුවන් බන්ධනාගාරගතව සිටින කාලසීමාවේ ඔවුන්ගේ පවුල්වල විශේෂ ආවස්ථාවලට හෝ වෙනත් කටයුත්තක් සඳහා නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස නියෝග නොකළ යුතු බවද දැනුම් දී තිබේ.
කවර හේතුවක් මත හෝ යම් අයෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගියහොත්, ඒ බව සහ ඊට හේතුවූ කරුණු බන්ධනාගාර අධිකාරිවරයා මහෙස්ත්රාත්වරයාට වාර්තා කළයුතු වේ.
සැකකරුවකු හෝ සිරකරුවකු වෛi ප්රතිකාර සම්බන්ධයෙන් කරන ඉල්ලීම් ද මහෙස්ත්රාත්වරුන්, බන්ධනාගාර වෛiවරුන් වෙත යොමු කළ යුතු බවද අදාළ චක්රලේඛයෙන් දනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart