
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී දෙමවුපියන්‌ගේ දත්ත ඇතුළත් නොකරන ලෙසත් දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු දත්ත ඇතුළත් කරන ලෙසත් පොලිස් අපරාධ අංශයේ උසස් නිලධාරීන් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය.
මෙහිදී පොලිස් නිලධාරීන් පෙන්වා දුන්නේ පසුගිය කාලසීමාව තුළ මාර්ග ගත අධ්‍යාපනය ප්‍රචලිත වීම හේතුවෙන් දරුවන් සඳහා ජංගම දුරකථන (Smart Phone active) ඇතුළු පරිගණක උපාංග භාවිත කිරීමට ලබාදීම සිදු වූ බවයි.
එහෙත් එසේ ස්මාර්ට් ජංගම දුරකථන ලබාදීමේදී සහ විද්‍යුත් තැපෑල ආරම්භ කිරීමේදී දෙමවුපියන්ගේ දත්ත මේ සඳහා ලබාදීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව ලැබෙන බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ.
එසේ නොමැතිව දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු තොරතුරු ලබාදීම සිදු කරන්නේ නම් අන්තර්ජාල පද්ධතිය විසින්ම දරුවන්ට නුසුදුසු දර්ශන සහ වෙබ් අඩවි සොයාබැලීමේ හැකියාව සහ ප්‍රවේශය පාලනය කිරීම සිදු කරන බව පැවසීය.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාතික සංහිඳියාව හා ළමා හා කාන්තා කාර්යංශය සම්බන්ධව සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart