
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දික්කසාදවීම පුද්ගලයන්ගේ අයිතිවාසිකමක් ලෙස සළකමින්, දික්කසාද නීතිය කාලීන අවශ්‍යතාවයට අනුව සංශෝධනය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු කරමින් ඇත.
මේ වනවිට ඇති දික්කසාද නීතියේ පවතින සංකීර්ණතා අවමකර එම නීතියේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා සඳහන් කරයි.
දැනට පවතින නීතියට අනුව දික්කසාදවීම ඉතා සංකීර්ණ සහ කාලය ගතවන ක්‍රියාවලියක් වන අතර, ඒ හා බැඳුණු විශාල නීතිමය ක්‍රියාවලියක් හා සමාජ අපවාදයක් පවතින බවත්, මේ නිසා බොහෝදෙනෙක් දික්කසාදවීමට මැලි වන නමුත්, දික්කසාදය ද මිනිස් අයිතියක් බව ලේකම්වරිය පෙන්වාදෙයි.
එමනිසා මෙම සියලු කරුණු සැළකිල්ලට ගෙන කාලයට වඩාත් ගැළපෙන නීතියක් සෑදීමට බලාපොරොත්තු වන බවත්, එය පෙරට වඩා ප්‍රගතිශීලී ලෙස සංශෝධනය කිරීම බලාපොරොත්තු වන බවත්, ලේකම්වරිය සඳහන් කරයි.
මේ අතර, පවතින දික්කසාද නීතිය සංශෝධන කරන අතරම අදාළ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම බලපාන නීතිමය ප්‍රතිපාදන සංශෝධනය කිරීමට විශේෂ අවධානය යොමු කරන බව ද ඇය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart