
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවන්ගෙන් විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ තීරණ දැනුම්දීම සඳහා රජය විසින් අවසන් දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ තම ප්‍රතිලාභී තීරණය දැනුම් දී නොමැති පවුල්වලට එම තීරණය දැනුම් දීම සඳහා 2026.06.15 දිනය අවසන් දිනය ලෙස සැළකිව යුතු බවයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවන්ගෙන්, පූර්ණ හානියට පත් නිවාස හිමියන් සහ අධි අවදානම් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් හඳුනා ගන්නා ලද පවුල්වලින් සැළකිව යුතු පිරිසක්, නැවත පදිංචි වීම සම්බන්ධයෙන් තම තීරණ ලබා දී නොමැති බව ජනාධිපතිතුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී පෙනීගොස් තිබිණි.
ඒ අනුව 2026.06.15 දිනයෙන් පසුව ප්‍රතිලාභී තීරණය දැනුම්දෙන පවුල් සඳහා පූර්ණ නිවාස හානි ගෙවීම් හෝ නැවත පදිංචි කරවීම සඳහා සළකනු නොලබන බවට ඔවුන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart