
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්බුළුවාව භාර අරමුදල රජයට පවරාගැනීමට අදාළ නීති වෙනස් කරගැනීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරයි.
2009 අංක 44 දරන අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත යටතේ මෙය පාලනය වේ.
මහාභාරකාර විසින් භාරකාර ඔප්පුවක් මගින් මීට අදාළ භූමිය අරමුදලට පවරා ඇති අතර, එහි සඳහන් කොන්දේසි අරමුදල මඟින් උල්ලංඝනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
එම පනතේ 19 වැනි වගන්තියට අනුව අම්බුළුවාව නිර්මාතෘවරයා ගරු දිසානායක මුදියන්සේලාගේ ජයරත්න විය යුතු බව දක්වා ඇත.
එම පනතේ 16 වැනි වගන්තියේ දැක්වෙන්නේ නිර්මාතෘවරයා මියගිය අවස්ථාවක ඔහුගේ පුතා වන තැනැත්තා නිර්මාතෘවරයාගේ ධුරයට අනුප්‍රාප්ත විය යුතු බව හා ඉන් පසුව පරම්පරාවෙන් පැවත එන වැඩිමහලු පිරිමි තැනැත්තකු අනුප්‍රාප්තිකයා විය යුතු බවයි.
නිර්මාතෘවරයා විසින් පත්කරනු ලබන හත්දෙනකුගේ බහුතරයක් සහිත මේ භාර අරමුදල පිළිබඳ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.
එහි පාලනය සිදුවන ආකාරය, ඒ සඳහා ඉඩම් දී ඇති ආකාරය මෙන්ම අම්බුළුවාවේ සංවර්ධන කටයුතු සඳහා රජයේ මුදල් වැයකර ඇති ආකාරයද බරපතළ ගැටලුවක් බව මේ වන විට අනාවරණය වී තිබේ.
රජයේ මුදල් රු. මිලියන 600කට වැඩි මුදලක් මේ සඳහා යෙදවීම මෙන්ම පසුගිය කාලයේ මීට අදාළ ව සිදුකළ විගණන සම්බන්ධයෙන්ද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
බුද්ධ ශාසන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු මීට අදාළ ආයතනවල නිලධාරීන් මෙහි කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටින අතර, සංචාරක කර්මාන්තයට හානියක් සිදු නොවන ලෙස එම කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart