
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කතරගම දේවාලයට පූජා කර තිබූ රුපියල් දහනව ලක්ෂ හැටදහසක් වටිනා රන්තැටියක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සාවද්‍ය පරිහරණය කර විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත කතරගම දේවාලයේ ප්‍රධාන කපුවාට සහ ගබඩා භාරකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව ඉදිරියේ 11 වැනිදා අධිචෝදනා භාරදීම සිදුකෙරිණි.
ඒ අනුව මෙලෙස අධිචෝදනා භාරදීම සිදුකෙරුණේ කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා ලෙස කටයුතු කරන සොමිපාල ටී. රත්නායක හා කතරගම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ මුණසිංහ මාන්නප්පෙරුම සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නමැති විත්තිකරුවන් දෙදෙනාටයි.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත්ව සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට ද නියෝග කළේය.
අතුරුදන් වූ බව කියන මෙම රන්තැටිය 2019.07.03 වන දින කතරගම දේවාලයට පූජා කර තිබුණේ ඉන්දියාවේදී මරුමුවට පත් වූ බව කියන ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරිඳ විසිනි.
අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපලයක් සඳහා වූ භාරයක් ලෙස මෙම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර තිබේ.
එලෙස පූජා කර තිබූ මෙම රන් තැටිය කතරගම දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබියදී අතුරුදන්ව ඇති බවට එවකට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් ගුණසේකර වෙත නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
ඒ අනුව බස්නායක නිලමේවරයා විසින් සිදු කළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ රන් තැටිය අතුරුදන් වී ඇති බවයි.
ඒ අනුව බස්නායක නිලමේවරයා විසින් ඒ සම්බන්ධයෙන් එවකට පොලිස්පතිව කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් වූ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
එහිදී අනාවරණය වී තිබුණේ අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලයින් විසින් ලබාදුන් රත්තරන් යොදාගෙන කතරගම ප්‍රදේශයේ රන්කරුවකු විසින් මෙම රන් තැටිය සකස් කර ඇති බවයි.
එලෙස පූජා කරන ලද රන්තැටිය කතරගම දේවාලයේ ගබඩාවෙන් අතුරුදන්ව ඇති බවට බස්නායක නිලමේවරයා දැන ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව කපු මහතුන්ගෙන් විමසා ඇති අතර, එහිදී එම රන් තැටිය භාරගත් ප්‍රධාන කපුවා පවසා ඇත්තේ අදාළ රන් තැටිය පූජා කළ අය විසින්ම යළි රැගෙන ගිය බවය.
ඒ අනුව අදාළ රන්තැටිය පූජා කළ අංගොඩ ලොක්කාගේ බිරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ ඇය විසින් පූජා කිරීමෙන් අනතුරුව යළි එම රන් තැටිය රැගෙන නො ආ බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමග කපුවා විසින් ව්‍යාජ රන්තැටියක් ද සකස් කර දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබේ.
පූජා කරන ලද රන්තැටියේ ඡායාරූපයක් තිබීම හේතුවෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ දේවාලයේ ප්‍රධාන කපුවා විසින්ම ව්‍යාජ රන්තැටියක් නිර්මාණය කර දේවාලය ගබඩාවේ එය තැන්පත් කර ඇති බවය.
එලෙස සකස් කරන ලද ව්‍යාජ රන් තැටිය දේවාලයේ ගබඩාවේ තැන්පත් කර ඇත්තේ ද දෙවැනි විත්තිකරු වන චූටි කපුවා විසින් බව ද විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව චූදිතයින් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා 03ක් යටතේ චෝදනා ගොනුකර තිබේ.
විත්තිකරුවන් දෙදෙනාට අධි චෝදනා භාරදීම සඳහා නඩුව හම්බන්තොට මහාධිකරණය හමුවේ කැඳවූ අතර පළමුවන චූදිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ සමග නීතිඥ සුරාජ් වෙල්ගම, හර්ෂ ද සිල්වා පෙනීසිටි අතර, දෙවැනි චූදිත වන චූටි කපුවා වෙනුවෙන් නීතිඥ දුෂ්මන්ත වීරරත්න හා දිල්ශාරා පලුගස්වැව පෙනීසිටියහ.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ රවිදු ජයකොඩි මහතා අධිකරණයේ පෙනී සිටියේය. නඩුව 2026.02.16 වැනි දින යළි අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart