
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය 03 වැනිදා අඟුරුවාතොට ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව, එම වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා එළඹෙන ජුනි මස 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අඟුරුවාතොට පොලිසිය විසින් ඊයේ (04) පෙරවරුවේ අදාළ අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
මේ අතර, අඟුරුවාතොට ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ඇති වූ මෙම දරුණු ගින්නෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයන් හයදෙනකු මේ වන විට රෝහල්ගත කර තිබේ.
හොරණ මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ ඊයේ (04) උදෑසන සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවාය.
මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී ගිනිබත් වූ සිරුරු ඉවත්කිරීමට පියවර ගැනුණු අතර, එම සිරුරු අතර තිබී ගින්නට හසුව මියගිය බළලකුගේ සිරුරක්ද සොයාගෙන ඇත.
පොලිසිය ප්‍රකාශ කළේ, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී වැඩිහිටි නිවාසය තුළ නේවාසිකයන් 71 දෙනකු රැඳීසිට ඇති බවයි.
ඊයේ සන්ධ්‍යාවේ ගින්න හටගත් අවස්ථාවේදී, ඉන් බේරීමට නොහැකිව ගොඩනැගිල්ල තුළදීම පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් හයදෙනා මේ වන විට හොරණ මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ගින්නෙන් දිවි ගලවාගත් නේවාසිකයන් 50 දෙනකු පමණ ඊයේ රාත්‍රියේ තාවකාලිකව බටගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ නවාතැන් ගන්වා තිබිණි.
ඊයේ උදෑසන ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඇතිව එම පිරිස ගල්පාත ප්‍රදේශයේ පිහිටි මෙම වැඩිහිටි සත්කාරක ආයතනයටම අයත් වෙනත් ශාඛාවක් වෙත ආරක්ෂිතව මාරුකර යැවීමට කටයුතු කර ඇත.
විමර්ශන කටයුතු සඳහා වැඩිහිටි නිවාසයේ හිමිකරු ද ඊයේ සිද්ධිය වූ ස්ථානයට කැඳවා තිබිණි.
ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart