April 16, 2026

ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩකයකු සහ පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් පාකිස්ථාන සුපර් ලීගය සඳහා එක් වීමට නියමිතය.

ඔහු එක් වීමට නියමිතව ඇත්තේ ක්වෙටා ග්ලැඩියේටර්ස් සංචිතය සමගිනි.

ඒ, ජාතික රාජකාරි සඳහා එම කණ්ඩායමෙන් ඉවත් වූ බෙවොන් ජේකබ්ස් වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙසිනි.

පාකිස්ථාන සුපර් ලීගයේ ඉදිරි තරඟවලට පෙර ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එක්වීම සඳහා චන්දිමාල් අද සවස පාකිස්ථානයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.