
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය සක්‍රිය දේශපාලනයට පිවිසීමේ පියවර ශක්තිමත් කරමින්, ව්‍යාපාරික දිලිත් ජයවීර ප්‍රසිද්ධ ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්යක්ෂ මණ්ඩලවලින් ඉවත්ව ඇත.
ඒ අනුව, Citrus Leisure PLC, Colombo Land and Development Company PLC, Waskaduwa Beach Resort PLC සහ Hikkaduwa Beach Resort PLC යන ආයතනවල විධායක නොවන අධ්යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වන බව ඊයේ දිනයේ හෙතෙම වෙන වෙනම නිවේදනය කර තිබේ.
දෙරණ ජනමාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයේ නායකත්වයට පත්කර ඇති බව පසුගියදා ප්‍රකාශ කෙරුණේ, ඔහු විධිමත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට ඉඟි කරමිනි.
ප්‍රවීණ දේශපාලනඥයකු වන හේමකුමාර නානායක්කාරගෙන් දිලිත් ජයවීර පක්ෂයේ නායකත්වය භාරගෙන ඇති අතර, හේමකුමාර නානායක්කාර දැන් පක්ෂයේ ‘ජ්‍යෙෂ්ඨ නායක’ යන නාමයෙන් උපදේශක තනතුරක් දරනු ලබයි.
දිලිත් ජයවීර කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් සහ වේල්ස් විශ්ව විද්‍යාලයෙන් MBA උපාධියක් ලබා ඇති අතර, ඔහු නීතිඥවරයෙකි.
1993 වසරේදී ට්‍රයඩ් ලිමිටඩ් ආයතනය සම-සහභාගීත්වයෙන් ආරම්භ කිරීමෙන් ඔහු ප්‍රථම වරට වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්රයේ ප්‍රසිද්ධියට පත්විය.
ඔහු ‘දෙරණ’ හි හිමිකාරී සමාගම වන පවර්හවුස් ලිමිටඩ් හි සභාපතිවරයා ද වේ.
දිලිත් ජයවීර යනු, ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ ආයතනයක් වන ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගමෙහි සමූහ සභාපතිවරයාය.
(Daily FT)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart