
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩිජිටල් විදුලි බිල්පත් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ජූලි 01 වැනිදා ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව, දෙහිවල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කැලණිය යන ප්‍රදේශවල මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ලංවිම සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පවසයි.
එහිදී මාසික විදුලි බිලෙහි සාරාංශයක් පාරිභෝගිකයාගේ ජංගම දුරකථනය වෙත යවනු ලැබේ.
ඩිජිටල් විදුලි බිල විද්‍යුත් තැපෑලෙන් ද එවන බව සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කරයි.
නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart