
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වවුනියාව විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, විශ්වවිද්‍යාලය මගින් ද ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
“මේ වන විට, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මරණයට හේතුව මත්පැන් පානය කිරීමෙන් ඇති වූ අධික වමනය බවයි. මත්පැන් පානයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වෙලා නැහැ. එය තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා” ඔහු පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න වැඩිදුරටත් පැවසුවේ, සිසුවාගේ මරණය කිසියම් ආකාරයක නවක වධයක් හෝ ප්රචණ්ඩත්වයක් සමඟ සම්බන්ධ වී ඇත්නම්, එවැනි සිදුවීම් විසඳීමට, වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට සහ පියවර ගැනීමට ඒ සඳහා පත්කරන ලද අමාත්‍යාංශයේ කමිටුවට යොමුකරන බවයි.
වවුනියාව විශ්ව විද්‍යාලයේ 23 හැවිරිදි සිසුවකු ඉකුත් 31 වැනිදා ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකවධයට ලක්කිරීම හේතුවෙන් සියදිවි නසාගෙන මියගිය බවට වාර්තා වීමෙන් පසුව මෙම පරීක්ෂණ සිදුකෙරේ.
ජනමාධ්‍ය වාර්තාවලට අනුව, ජ්‍යෙෂ්ඨ සිසුන් නවක සිසුන්ට බලහත්කාරයෙන් මත්පැන් පානය කිරීමට සැලැස්වූ බවට දැඩි චෝදනා එල්ල වී තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart