
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලසුත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය පැයක් ඇතුළත නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා යළි ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (17) දිනයේදීම පියවර ගෙන ඇති බව ‘දිනමිණ’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව පොලිස්පතිවරයා යළි පත්කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහාම ලබාදී තිබේ.
මෙලෙස ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක පොලිස්පතිවරයා ධූරයෙන් ඉවත් කරන ලද්දේ කුඩු ජාවාරම්කරුවකු ආරක්ෂා කිරීමටදැයි ප්‍රබල සැකයක් පවතින බවද ‘දිනමිණ’ කියයි.
එම වාර්තාවේ මෙසේද දැක්වේ.
‘ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාත් පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් දිවයිනේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කළ බරපතළ වරදක්යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ‘දිනමිණට’ ප්‍රකාශ කළේය.
මේ මොහොතේ දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දින දෙකකින් යළි පැමිණීමට තිබෙන පසුබිමක පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි ප්‍රබල සැකයක් මතු වන බව ද ඉහත ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට පෙරාතුව කිසියම් කුඩු ජාවාරම්කරුවකු ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත්තාදැයි වහාම සොයා බලන බව ද එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේය.
ජනාධිපතිවරයාත් පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් රට තුළ නොසිටින මොහොතක පොලිස්පතිවරයා ඉවත් කිරීම මෙරට සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart