
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ උපදේශිකා ප්‍රජා වෛද්‍ය මොනිකා විජේරත්න ප්‍රකාශ කළේ, ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් පවතින ගැටලු මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පැහැදිළි කළේ, දරුවන්ට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ යමින් පවතින බවයි.
2024 ජාතික පෝෂණ මාසය තුළ එකතු කරන ලද දත්ත වලට අනුව, 1, 4, 7, සහ 10 ශ්‍රේණිවල පාසල් ළමුන්ගෙන් 7%ක් අධිබර සහිත බව ඇය පැවසුවාය.
වයස අවුරුදු 13ත් 17ත් අතර ළමුන්ගේ ආහාර පුරුදු පරීක්ෂාවට ලක්කරන ලද ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණය 2024 මගින් හෙළිදරව් වී ඇත්තේ ඔවුන්ගෙන් 3% ක් පමණ තරබාරු අය බව යැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.
එහිදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ළමුන්ගෙන් 12% ක් පමණ අධික බරින් පෙළෙන බවයි.
ළමුන්ගේ ආහාර රටාවන් පිළිබඳ මෑතකාලීන අධ්‍යයනයකින් අනාවරණ වී ඇති පරිදි සමීක්ෂණයට පෙර සතිය තුළ 17%ක් පැණි බීම සහ ඒ ආශ්රිත පාන වර්ග, 28%ක් ලුණු සහිත ආහාර සහ ආසන්න වශයෙන් 28-29%ක් අධික තෙල් සහිත ආහාර පරිභෝජනය කර තිබේ.
ළමුන්ගෙන් 41% ක් අධික සීනි සහිත ආහාර පරිභෝජනය කරන බව ද වෛද්‍යවරිය පැවසුවාය.
මෙම දත්ත මගින් පැහැදිලිව පෙන්නුම් කරන්නේ, පාසල් දරුවන්ගේ ආහාර රටාවන් සුදුසු නොවන බව සහ කුඩා කාලයේදීම දරුවන්ට අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart