
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණයක් විසින් නිවැරැදිකරුවකු ලෙස තීන්දු කිරීමෙන් අනතුරුව, මාස 11 ක කාලයකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිට ආපසු සිය රට බලා පැමිණීමට සූදානම් වේ.
ධනුෂ්ක අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.
ධනුෂ්ක ගුණතිලක සියලු චෝදනාවලින් නිදහස් කරමින් ලිංගික අතවර නඩුවේ තීන්දුව ලබා දී තිබියදීත්, ඔහුට පනවා ඇති තාවකාලික තහනම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් තීරණයක් ප්‍රකාශයට පත්කර නොමැත.
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ලිංගික අතවර කිරීමේ චෝදනාව එල්ල කර ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට තාවකාලික තහනමක් පනවා තිබේ.
විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි හයට් රීජන්සියේදී 2022 නොවැම්බර් 06 වැනිදා අලුයම ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔහුව ඩේ ස්ට්‍රීට් පොලිස් ස්ථානයට ගෙන යන ලද අතර, එහිදී ඔහු පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර, පසුව නඩු විභාගයේ කාලසීමාව සඳහා ඕස්ට්‍රේලියාවේ රඳවා තබාගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart