
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Durdanto Dhaka කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන ධනුෂ්ක ගුණතිලක ඊයේ ඩකාහි Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී Chattogram Challengers කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගයේ දී, ඉනිමේ ආරම්භයේදීම පන්දුවට පහරදීමට ගොස් තුවාල ලබා පිටියෙන් ඉවත් විය.
එමනිසා ධනුෂ්ක වෙනුවට කණ්ඩායමේ අදාළ ස්ථානයට තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වන ලසිත් කෲස්පුල්ලේ ආදේශ කර ඇත.
කෙසේවෙතත්, මෙම ආදේශ කිරීම මතභේදයට තුඩු දී ඇත්තේ තරඟය සඳහා ඩකා කණ්ඩායම ඉදිරිපත් කර තිබූ 15 දෙනකුගෙන් යුත් සංචිතයේ කෲස්පුල්ලේ සාමාජිකයකු නොවූ බැවිනි.
සාමාන්‍ය රීතිය වන්නේ තරගයට පෙර ඉදිරිපත් කරන ලද ක්‍රීඩක ලැයිස්තුවෙන් ආදේශක ක්‍රීඩකයකු ඉදිරිපත් කිරීමයි.
ගුණතිලක වෙනුවට ආදේශකයක් ලෙස කෲස්පුල්ලේ යැවීමෙන් පසුව Chattogram කණ්ඩායම තරඟ තීරක රකිබුල් හසන්ට ඒ පිළිබඳව පැමිණිලි කර තිබිණි.
කෙසේවෙතත් දැවීයෑමට පෙර කෲස්පුල්ලේ පන්දු 31කදී ලකුණු 46ක් ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart