
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්ෂික හෙවත් ‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයකු ලෙස හඳුනාගෙන ඇති පියුම් හස්තික හෙවත් ‘පියුමා’ ඊයේ (15) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
ඒ අනුව, ‘පියුමා’ යළි මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු, සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇත.
ඩුබායි වෙත පළාගොස් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා 2023 නොවැම්බර් මාසයේදී අන්තර්ජාතික පොලිසියෙන් රතු නිවේදනයක් ලබාගෙන ඇත.
හෙරොයින් ග්‍රෑම් 20ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ‘පියුමා’ ප්‍රථම වරට 2018 දී අත්අඩංගුවට ගෙන මාස තුනක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමුකර තිබේ.
2021 ජනවාරි මාසයේ පානදුර උතුර ලක්ෂාන් සඳරුවන් නැමැති තරුණයාට වෙඩි තැබීමේ සිද්ධියට ද මෙම පුද්ගලයා හවුල් වූ බව වාර්තා වේ.
එසේම, 2022 ජූනි මාසයේදී මොරටුව කටුබැද්දේදී නිලන්ත කුමාර සහ මොහොමඩ් සම්සාද් ඝාතනයට ‘කුඩු සලිඳු’ගේ උපදෙස් මත මොහු සම්බන්ධ වී ඇති බවද දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart