
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැඩි අනතුරු ඇඟවීම් සහ ප්‍රතිරෝධය නොතකා නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ කණ්ඩායම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
නිමල් ලාන්සා මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදර පාක්ෂිකයන් මෑත කාලීනව සිදු කරන ලද ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා වෙත සැළකිව යුතු කනස්සල්ලක් පළකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දේශපාලන කන්ඩායම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීමට පමණක් නොව, තෝරාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය ලබාගැනීමට සමත් වී ඇත.
මෙම දේශපාලන ව්‍යාකූලත්වය මධ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් මේ මතුවන දේශපාලන වින්‍යාසය සම්බන්ධයෙන් නොසන්සුන්තාව පළ කරමින් සිටින බව වාර්තා වේ.
මෙම වර්ධනයන් පසුබිම් කර ගනිමින් මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම පසුගියදා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ නිවසේදී තීරණාත්මක රැස්වීමක් කැඳවා ඇත.
එම රැස්වීමේ න්‍යාය පත්‍රය කේන්ද්‍රගත වී ඇත්තේ, කන්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වටා ය.
මෙම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක, ජෝන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න යන අය ඇතුළු කැපී පෙනෙන පිරිසක් සහභාගි වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතා නොතකා, නව දේශපාලන සන්ධානය ගොඩනැගීම සඳහා ඉදිරියට යෑමට ඔවුන් අවිවාදයෙන්ම තීරණය කර තිබේ.
මෙම නව වර්ධනය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසන්නේ, ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ප්‍රමුඛ කන්ඩායම්වලට අත්වූ ඉරණම, ලංසා ඇතුළු කණ්ඩායමට ද අත්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart