
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගතයුතු ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නිතීපතිවරයා සූදානම් බව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම ඊයේ (22) මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාසට දැනුම් දුන්නේය.
ඒ, දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ගොනුව සකස්කර අවසන් බව සඳහන් කරමිනි.
මාතර, වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 නමැති හෝටලයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර, ඇප ලබාගැනීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් ක්‍රියාකළ ආකාරයෙන් අධිකරණය අපහාසයක් වී ඇත්දැයි විමර්ශනයක් කළ යුතු බව, පසුගිය අප්‍රේල් 25 වැනිදා මාතර මහේස්ත්‍රාත්වරයා කියාසිටියේය.
මහේස්ත්‍රාත්වරයා, නීතිපතිවරයාට දැනුම්දුන්නේ, අධිකරණයට අපහාසක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීමට තම අධිකරණයට නෛතික බලයක් නොමැති බැවින්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අභියචානාධිකරණය හමුවේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු ගොනුකරන ලෙසයි.
ඒ අනුව, අධිකරණ ආඥාවන් උල්ලංඝණය කිරීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ දේශබන්දු තෙන්නකෝන්ට සහ ඇප ලබාදීමෙන් පසු ඔහු මොටර් රථයකින් අධිකරණ සංකීර්ණයෙන් පිටතට රැගෙන ගිය රොෂාන් ලක්ෂිත යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දේශබන්දු තෙන්නකෝන් ඇතුලු සැකකරුවන් අද අධිකරණය හමුවේ පෙනීසිටියේය.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා, නඩුව ඔක්තෝබර් 10 වැනිදා පෙරවරු 10ට කැඳවීමට දින නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart