April 23, 2026

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න ගමන් කළ වාහනය අඟහරුවාදා (22) රාත්‍රියේ අනතුරකට ලක්ව තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ සිට හැටන් හරහා නුවරඑළිය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

කළුකොහුතැන්න අසල කිතුල්ගල ප්‍රදේශයේදී කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රධාන මාර්ගය ආසන්නේ ඇති විදුලි කණුවක ගැටී ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයාට හෝ වාහනයේ රියදුරුට කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.

කෙසේවෙතත්, අනතුරින් වාහනයට බරපතල හානි සිදුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.