
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ ස්ථානවලින් එකක් වන දිල්ලි නුවර රතුබල කොටුව ආසන්නයේ අද පස්වරුවේ මගීන් රැගත් මෝටර් රථයක් තුළ අධි බලැති බෝම්බයක් පුපුරා ගොස් තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
රතුබල කොටුව ආසන්නයේ මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල පස්වරු 7 ට පමණ පිපිරීම සිදු වූ අතර, පිපිරීම සිදුවූ ස්ථානය පුරා සිරුරු කොටස් සහ සුන්බුන් වූ මෝටර් රථ කොටස් දක්නට ලබුණු බව සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.
දිල්ලි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ එය ඉතා ප්‍රබල පිපිරීමක් බවයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ මධ්‍යම සන්නද්ධ පොලිස් බලකාය වන ජාතික ආරක්ෂක බලකාය ද ප්‍රාදේශීය පොලිසියට සහාය වීම සඳහා කැඳවා තිබේ.
මෙම පිපිරීම සිදුවුණේ හර්යානාවේ අසල්වැසි ෆරීදාබාද්හි කිලෝමීටර් 50 ක් දුරින් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,900 ක දැවැන්ත තොගයක් සොයාගත් දිනයේදී වීම ද ආරක්ෂක අංශවල දැඩි සැකයට හේතුවී ඇත.
දිල්ලියේ ප්‍රහාරයෙන් අනතුරුව මුම්බායි, ජායිපූර්, උත්තර් ප්‍රදේශ් සහ උත්තරාකන්ද් යන ප්‍රාන්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇතැයි ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart