July 20, 2026

මාතර, වැල්ලමඩම ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

මෙම දරුණු ගැටීමෙන් ඩිෆෙන්ඩර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අනතුර සිදුවීමට හේතුව සෙවීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.