
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක යන දෙදෙනා සම්මුඛ සාකච්ජාවක් පවත්වා අදාළ සාකච්ඡාව චමුදිත සමරවික්‍රම විසින් Youtube නාලිකාවක් සහ සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහරිනු ලැබීම හේතුවෙන් හිටපු ඇමැති විජයදාස රාජපක්ෂට වෛරී සහ ද්වේශ සහතව සිදුකර ඇති අපහාසය සහ අවමානය වෙනුවෙන් රුපියල් මිලියන 1,000 ක වන්දි මුදලක් ඉල්ලමින් ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ විසින් නුගේගොඩ දිසා අධිකරණයේ අංක 5575/2025 M දාතමින් නඩුවක් පවරනු ලැබ තිබේ.
එම විත්තිකරවන්ට එරෙහිව වාරණ ආඥාවක් ද, අතුරු ඉන්ජන්ෂන් ආඥාවක් ද, ස්ථිර ඉන්ජන්ෂන් ආඥාවක් ද, විධානාත්මක ඉන්ජන්ෂන් ආඥාවක් ද අයද ඇති අතර එම ඉල්ලීම ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් විසින් අධිකරණයේ තහවුරු කරනු ලැබීමෙන් අනතුරුව, නුගේගොඩ දිසා විනිසුරු ගරු ආර්.ඒ.එම්. රාජපක්ෂ විසින් 2025 මැයි 09 දින පැමිණිලිකරු අයැද ඇති පරිදි විත්තිකරුවන්ට එරෙහිව වාරණ ආඥාවක් නිකුත් කර ඇත.
ඒ අනුව එම නඩුවේ අයද ඇති අතුරු ඉන්ජන්ෂන් තහනම් ආඥාව නිකුත් කරන තෙක් පැමිණිලිකරුගේ සහ/හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ඍජු ලෙස හෝ වක්‍ර ලෙස සඳහන් කරමින් විද්‍යුත් සහ/හෝ මුද්‍රිත සහ/හෝ සමාජ මාධ්‍ය සහ/හෝ වෙනත් කිසිදු මාධ්‍යයක් හරහා අදහස් ප්‍රකාශ කිරීමෙන් සහ/හෝ විකාශනය කිරීමෙන් සහ/හෝ ප්‍රචාරණය කිරීමෙන් චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක යන විත්තිකරුවන් එක්ව සහ වෙන් වෙන්ව වළක්වන්නා වූ වාරණ ආඥාවක් නිකුත් කරන තිබේ.
චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමග 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Youtube නාලිකාවේ විකාශනය කළ බවත්, මුළු සාකච්ඡාව ම පාහේ පැමිණිලිකරුට චෝදනා කිරීමට සහ අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
චමුදිත සමරවික්‍රම විසින් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබමින් කුමන්ත්‍රණකාරී ලෙස සහ මිනි මැරීම්වලට අනුබල දෙමින් සැලැසුම් සහතව පුද්ගලයන් සාකච්ජාවලට සහභාගි කර ගෙන ඔවුන්ට බලකර සහ තර්ජනය කර එම තැනැත්තන්ගේ විරුද්ධවාදීන්ගේ නම් ගම් හෙළිදරව් කරවා ගැනීමත්, ඔවුන්ට එරෙහිව අභියෝග සහ අවලාද කරවීමත් සිදු කරවමින් ඔවුන්ව ඝාතන සිදු කිරීමට සලස්වා ඇති බවට එහි චෝදනා කොට තිබේ.
යම් පාතාල කණ්ඩායම් වලින් මුදල් ලබා ගෙන එම අපරාධ සිදුකොට ඇති බවත්, ඒ පිළිබදව විමර්ශනය කරන ලෙසට පොලිස්පතිවරයාට ඉල්ලීමක් ද කොට ඇති බවයි වාර්තා වෙයි.
එම ඝාතන අතර පහත සඳහන් සිද්ධි තුන ද සඳහන් කර ඇත.
– 2024 පෙබරවාරි මාසයේ දී ඇල්පිටියේ දී ඝාතනයට ලක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝහණ කුමාර විතානගේ යන අය සමග සාකච්ඡාවක් පවත්වමින් ඔහුගේ සතුරු පාර්ශ්වය එරෙහිව ප්‍රහාරාත්මක සහ අභියෝගාත්මක ප්‍රකාශ කිරීම පොලඹවා සතුරන් අතින් ඝාතනයට ලක් කරවීම.
– 2025 පෙබරවාරි 18 වන දින වෙඩි ප්‍රහාරවලින් සිය දරුවන් දෙදෙනා සමග මිද්දෙනියේ දී ඝාතනයට ලක් වූ අරුණ විදානගමගේ තැනැත්තා සමග සාකච්ඡාවක් පවත්වමින් ඔහු සමග විරුද්ධ පාතාල කල්ලියකට එරෙහිව අභියෝග කරවීම හරහා දරුවන් දෙදෙනා ද සමග ඔහුව ඝාතනය කිරීමට අවශ්‍ය පෙලඹවීම සහ පරිසරය සකස් කිරීම.
– 2025 අප්‍රේල් මස 22 වන දින ඝාතනයට ලක් වූ සමාජ ක්‍රියාකාරියකු වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා සමග එවැනි ම සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් ඔහුට විරුද්ධ පාතාල පාර්ශ්වයක් වෙත තර්ජනය කරවීම සහ අපහාසවලට ලක්කිරීම මගින් ඩෑන් ප්‍රියසාද් නමැත්තා ඝාතනයට අවශ්‍ය පෙලඹවීම සහ පරිසරය සකස් කිරීම.
මීට පෙරද චමුදිත සමරවික්‍රම විසින් පැමිණිලිකරු සම්බන්ධ කොට අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් විජයදාස රාජපක්ෂ චමුදිත සමරවික්‍රමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක. SC/Contempt/10/2024 දරන නඩුව පවරා ඇති අතර එය ද විමසීමට නියමිතව ඇත.
විජයදාස රාජපක්ෂ වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරියගේ උපදෙස් මත හරීෂ්, ෂාන් රත්නසූරිය, හර්ෂ ලියනගුරුගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥයෝ සමග ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් පෙනීසිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart