
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ජූලි මස අගදී අවසන් කිරීමට නියමිත බැවින්, මැතිවරණ කොමිසම ජූලි 17 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඉඩක් නොමැති බව වාර්තා වේ.
ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුව, ජූලි 17 හෝ ඊට පසුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබේ.
අදාළ ප්‍රකාශය ජුලි 17 වැනි දින හෝ ඉන් පසු කඩිනමින් සිදු කරන්නේද යන්න පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කර ඇත්තේ එසේ කිරීමට ඉඩක් නොමැති බවයි.
මැතිවරණය ජුලි 17 වැනිදා හෝ ඊට පසුව ප්‍රකාශ කළ හැකි බවත් කොමිසම ඒ සඳහා දිනයක් තවම සාකච්ඡා කර නොමැති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතින බැවින් එය අවසන් වීමෙන් පසුව මැතිවරණය ප්‍රකාශයට පත්කළ හැකි බව ඔහු සඳහන් කර ඇත.
මෙම වසරට (2024) අදාළ ඡන්ද හිමි ලියාපදිංචිය පෙබරවාරි 1 වැනිදා සිට ආරම්භ කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ කටයුතු ජනවාරි 1 වැනිදා සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබිණි.
සභාපතිවරයා මෙම සතිය මුලදී පැවසුවේ අදාළ ක්‍රියාවලිය ජූලි අග වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනයකදී පැවැත්වීමට නියමිතය.
එම මැතිවරණය නොපවත්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධුර කාලය දීර්ඝ කිරීමේ උත්සාහයක් පිළිබඳ මතභේද සහ චෝදනා එල්ල වෙමින් තිබේ.
කෙසේවෙතත්, ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර ඇත්තේ එය මඟ හැරීමට මගක් නොමැති බව පෙන්වාදෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart