
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගියදා මැලේසියාවේ නිවසක තිබී මළ සිරුරු තුනක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය වෙනුවෙන්, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යුවලගේ රිමාන්ඩ් කාලය ලබන සිකුරාදා දීර්ඝ කළ බව එරට New Straits Times පුවත්පත වාර්තා කරයි.
නගරයේ පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid පවසා ඇත්තේ, 40 හැවිරිදි ශ්‍රී ලාංකික යුවලට එරෙහිව රිමාන්ඩ් භාරයේ දිගුවක් සඳහා පොලිසිය ඉල්ලුම් කර ඇති බවයි.
ඔවුන් මීට පෙර සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
“ඔවුන්ගේ රිමාන්ඩ් කාලය ඔක්තෝබර් 06 දක්වා දීර්ඝ කර ඇත. අද වන විට, මෙම නඩුවේ නව වර්ධනයක් නොමැති අතර අපි තවමත් විමර්ශනය කරමින් සිටිමු,” ඔහු Harian Metro වෙත පවසා ඇත.
සැප්තැම්බර් 22වැනි දින, රණ්ඩුවකින් යැයි විශ්වාස කරන කෑගැසීම් ශබ්ද ඇසුණු නිවසක තිබී ශ්‍රී ලාංකික පිරිමින්ගේ මළ සිරුරු තුනක් සොයාගැනීමට පොලිසියට හැකිවිය.
ඔවුන්ගේ දෑත් සහ පාද බැඳ තිබූ අතර, ඔවුන්ගේ හිස් ප්ලාස්ටික් බෑග් වලින් ආවරණය කර පැවැතුණු බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව ගබඩා කාමරයේ තිබී හමුවූ මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබිණි. ඉන් එක් සිරුරක් සම්පූර්ණයෙන්ම නිරුවත් විය.
මළ සිරුරු සොයා ගැනීමත් සමඟ එම නිවස කුලියට ගෙන සිටි ශ්‍රී ලාංකික යුවළ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart