
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලම අසලදී බස් රථයක් ඔයට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අනතුරින් පුද්ගලයන් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර එම පිරිස මනම්පිටිය සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇත.
මියගිය පුද්ගලයන් අතර අවුරුදු 17 දරුවෙක් සහ කාන්තාවක් සිටින බව පොලිසිය පවසයි.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිරුරු අත්දැයි සොයා බැලීමට නාවික හමුදාවේ සහාය ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
බසය අධික වේගයෙන් ධාවනය වෙමින් තිබියදී පාලම මතදී එහි ටයරයක් පිපුරුවාද යන්න පිළබඳව පොලිස් පරීක්ෂණ සිදු කෙරේමින් පවතී.
කදුරුවෙල සිට අක්කරෙයිපත්තු බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස ඔයට පෙරළී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart