
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ ප්‍රභල භූමිකම්පාවකින් පුද්ගලයන් 622ක් පමණ මියගොස් 1500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි තලේබාන් සංවිධානය පවසයි.
රිච්ටර් පරිමාණ ඒකක 6 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාවෙන් 1500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
එහි දැක්වෙන්නේ මියගිය සංඛ්‍යාව 622 ක් බවයි.
මීට පෙර රාජ්‍ය විකාශන ආයතනයක් වන රේඩියෝ ටෙලිවිෂන් ඇෆ්ගනිස්ථානය විසින් මියගිය සංඛ්‍යාව 500ක් පමණ බව වාර්තා කර තිබිණි.
ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල්හි සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ භූමිකම්පා සහ ගංවතුර පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති කලාපයක් ආශ්‍රිතව මෙම භූ කම්පනය සිදුව ඇති බැවින් එම දුරස්ථ ගම්මාන වෙත ළඟා වීමට සහන සේවකයින්ට අපහසු වී ඇති බවයි.
ආසන්න රෝහල් කිහිපයක සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරන්නේ තුවාල ලැබූ 400 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.
එහෙත් තුවාලකරුවන් සහ මරණ තවත් ඉහළ යා හැකි බවට එම රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඇතැම් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ හෙලිකොප්ටර් මගින් විපතට පත්වූවන් රැගෙන එන බව පෙන්නුම් කරන අතර, ගිලන් රථ මගින් ද පිරිස් රැගෙන එන බව එම දර්ශනවල ඇතුළත් වේ.
දැනට වාර්තා වන පරිදි කුනාර් පළාතේ ගම්මාන තුනක් විනාශ වී ඇති අතර තවත් බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බව තලේබාන් සංවිධානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පුද්ගලයන් 250 ක් මියගොස් 500 ක් තුවාල ලබා ඇති බව කුනාර් හි පළාත් තොරතුරු ප්‍රධානී නජිබුල්ලා හනීෆ් ප්‍රකාශ කළ ද ඔහු පවසා ඇත්තේ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
මුල් වාර්තා වලට අනුව එක් ගම්මානයක 30 දෙනකු මියගොස් ඇති අතර තුවාල ලැබූ සියගණනක් රෝහල් ගත කර ඇති බව බලධාරීහු පවසති.
ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇති වූ භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 10 ක් පමණ භූ පතුලෙන් වාර්තා වී ඇති අතර ඉන් දැඩි බලපෑම් එල්ල වී තිබුණේ පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයට මායිම් වූ ප්‍රදේශයටය.
මේ වන තෙක් කිසිදු විදේශීය රටක් ගලවාගැනීමේ හෝ සහන කටයුතු සඳහා සහාය ලබාදීමට ඉදිරිපත්ව නොමැති බව තලේබාන් සංවිධානයේ විදේශ කාර්යාල ප්‍රකාශකයෙක් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart