
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘පතාන්’ සහ ‘ජවාන්’ චිත්රපටවල සාර්ථකත්වයෙන් පසු තාමාට මරණ තර්ජන එල්ල වී බවට ෂාරුක් ඛාන් පැමිණිලි කිරීමෙන් පසු මුම්බායි පොලිසිය විසින් ෂාරුක් ඛාන්ට Y+ ආරක්ෂක ආවරණයක් ලබාදී ඇත.
Y+ ආරක්ෂක ආවරණය යටතේ, ෂාරුක් ඛාන් සමඟ සන්නද්ධ ආරක්ෂක භටයන් හයදෙනකු පැය 24 පුරාම සිටිනු ඇත.
මීට පෙර ෂාරුක් ඛාන් සමඟ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්ද රැඳී සිටියහ.
පොලිසියට අනුව, ෂාරුක් ඛාන් මෑතකදී මහාරාෂ්ට්ර රජයට ලිපියක් යවමින් දන්වා ඇත්තේ, ඔහුට නැවත වරක් මරණ තර්ජන එල්ල වන බවයි.
ඉන්පසුව මහාරාෂ්ට්ර රජය ජනප්රිය ෂාරුක්ට ලබාදී තිබූ ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කර ඇත.
මීට පෙර, ලෝරන්ස් බිෂ්නෝයි නම් කල්ලියේ තර්ජන හේතුවෙන් පසුගිය වසරේ නළු සල්මන් ඛාන්ට Y+ ආරක්ෂාව ලබා දී තිබිණි.
මහාරාෂ්ට්ර රජයේ ප්රතිපත්තියට අනුව ජීවිත තර්ජනයකට මුහුණදෙන පුරවැසියන්ට ආරක්ෂක ආවරණයක් ලබා දේ.
එවැනි අවස්ථාවන්හිදී, පුරවැසියන්ට ආරක්ෂාව සඳහා ගාස්තුවක් ගෙවීමට හෝ ආරක්ෂක මුදලක් තැන්පත් කිරීමට සිදු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart