
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා එම නඩුවේ 19 වැනි සහ 20 වැනි සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අයට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.
මෙම මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී 19 වැනි සහ 20 වැනි සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂි දීම අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණේ අද (02) දිනයේදීය.
මීට පෙර නඩු වාරයේදී, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ උදාර මුහන්දිරම්ගේ වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු නීතිඥවරුන් පිරිසක් අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ, මෙම මරණ පරීක්ෂණය සඳහා 19 වැනි සහ 20 වැනි සාක්ෂිකරුවන් උසාවිය හමුවට කැඳවීම අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව මහේස්ත්රාත්වරයාට සලකා බලා තීරණයක් ගතහැකි බවයි.
ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දීම සඳහා 19 වන සාක්ෂිකරු වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයකු වන 20 වැනි සාක්ෂිකරු උදාර මුහන්දිරම්ගේ යන අය කැඳවිය යුතු බවට තීරණය කළේය.
ඒ අනුව එළඹෙන ජුනි මස 5 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වමින් ඔවුන් වෙත සිතාසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart