
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ හදිසි මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී, එතුමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් (697) සුසන්ත කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස හමුවේ වැදගත් සාක්ෂියක් ලබා දී තිබේ.
එහිදී සාක්ෂිකරු සඳහන් කර ඇත්තේ, සිදුවීම වූ දින උදෑසන හිටපු පොලිස්පතිවරයා තම රාජකාරි ගිනිඅවිය (මි.මී. 9 වර්ගයේ පිස්තෝලය) සහ ඊට අදාළ පතොරම් තමාගෙන් ඉල්ලා සිටියේ එය “අලුත් එකක්ද නැතහොත් පරණ එකක්ද” යන්න පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව පවසමින් බවයි. මීට පෙර කිසිදු අවස්ථාවක හිටපු පොලිස්පතිවරයා මෙලෙස තමාගේ රාජකාරි ගිනිඅවිය ඉල්ලා නොමැති බැවින් එය ඉතා අසාමාන්‍ය ඉල්ලීමක් වූ බව ද සැරයන්වරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත.
ගිනිඅවිය සහ පතොරම් ලබාදුන් වහාම, තමාට පැමිණ වතුර බෝතලයක් ගෙනත් දෙන ලෙස හිටපු පොලිස්පතිවරයා පැවසූ බවත්, තමා වතුර බෝතලය ගැනීමට නිවස තුළට ගිය අවස්ථාවේදී වෙඩි ශබ්දයක් ඇසුණු බවත් සැරයන්වරයා වැඩිදුරටත් කියා ඇත.
ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා, සිදුවීමට අදාළ මි.මී. 9 පිස්තෝලය, පතුළ පෑදුණු පතොරම් කොපු සහ සසුන්ගත අනෙකුත් නඩු භාණ්ඩ සියල්ල විධිමත් විද්‍යාත්මක වාර්තාවක් සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා, පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණ කටයුතු මාළඹේ පොලිසියෙන් ඉවත් කර බස්නාහිර පළාත් දකුණ භාර විශේෂ විමර්ශන ඒකකය (SIU) වෙත පවරා ඇත.
මාළඹේ, තලහේන, පරාක්‍රම පාරේ පිහිටි නිවසේ වත්තෙහිදී වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබූ 63 හැවිරිදි හිටපු පොලිස්පතිවරයා, පවුලේ නෑදෑයින් විසින් කොළඹ නැගෙනහිර මූලික රෝහල වෙත (මුල්ලේරියාව) ඇතුළත් කරන විටත් මියගොස් සිටියේය.
සිදුවීමට පෙර හිටපු පොලිස්පතිවරයා යම් පෞද්ගලික සහ පවුලේ මානසික පීඩනයකින් පසුවී ඇති බවට ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart