
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයට අයත් කොළඹ වරාය නගරය(Port City Colombo (PCC)) විසින් ගෝලීය ආයෝජකයන් සඳහා ආයෝජන අවස්ථා සහ දිරිගැන්වීම් ප්‍රදර්ශනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ග සංදර්ශනයක් දියත් කිරීමට සූදානම් වන අතර, එහිදී වරාය නගරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් විසින් විශේෂ සංසදයක් අමතනු ඇත.
ඒ අනුව කැමරන් සැප්තැම්බර් 26 වන දින අබුඩාබි සහ ඩුබායි හි පැවැත්වෙන ආරාධිතයන්ට පමණක් වෙන් වූ ඉහළම උත්සයකදී කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.
මෙම වැදගත් සිදුවීම වරාය නගරයේ පවතින විවිධ ආයෝජන අපේක්ෂාවන් ගවේෂණය කිරීමට ලොව පුරා සිටින ආයෝජකයන්ට ආරාධනා කරමින් ප්‍රධාන ගෝලීය අලෙවිකරණ මෙහෙයුමක ආරම්භය සනිටුහන් කරයි.
කැමරන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දු-පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සහ මෙම නව ප්‍රවණතාවයේ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමට තෝරාගෙන ඇති බව පසුගිය සැප්තැම්බර් 15වැනිදා ceylonwire.lk පළමු වරට අනාවරණය කළේය.
ඊට අදාළ පුවත් පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart