
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම නිසා සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ජූලි මස 28 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම නඩුව ඊයේ (30) නාමල් බළල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන අයගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව අදාළ නඩු ජුලි මස 28 වන දා යළි කැඳවීමට නියම විය.
මෙම චෝදනා සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මීට පෙර නියම කර තිබිණි.
එහෙත් විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබිණි.
එම ඇපෑල විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ නඩුවල විත්ති වාචකය කැඳවා යළි විභාගයක් පවත්වා තීන්දුව ලබාදෙන ලෙසය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart