
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමාත්‍යවරයක වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද දින නියම කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් 18 වැනිදා සහ ජනවාරි 20 වනදා යන දිනවල විභාගයට ගැනීමට ද විනිසුරුවරයා දින නියම කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල මේ වන විට ලබාදී තිබෙන බව සඳහන් කළේය.
අදාළ ලේඛන පරීක්ෂාවට ලක්කළ යුතු බව සඳහන් කළ විත්තිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා විනිසුරුවරයා දින නියම කළේය.
2010 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන පාලනය සමයේ හිටපු අමාත්‍ය විමල් විරවංශට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart