February 13, 2026

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කිරීමේ චෝදනා මත අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව අප්‍රේල් 27 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද දින නියෝග කළේය.

සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙස ද අධිකරණය තවදුරටත් නියෝග කර තිබේ.

2020 අගෝස්තු 13 සිට 2024 ජුනි 24 දක්වා කාලය තුළ ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පළමු විත්තිකරු නීතිවිරෝධී ලෙස වත්කම් රැස්කර ඇති බවත්, එමඟින් දූෂින විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා ගොනුකර ඇත.