
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියෙකුට ආයුධ පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට එරෙහිව පවරා ඇති නඩුව 2024 ජනවාරි 04වැනිදා සිට අනුරාධපුර ප්රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
අධිකරණයේ පෙනී සිටි ලොහාන් රත්වත්තේ රුපියල් 200,000/- බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අනුරාධපුර ප්රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය අද නියෝග කළේය.
එවකට බන්ධනාගාර සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා රැඳවියකුට මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.
මේ අතර මෙම නඩුවේ පළමු සාක්සිකාර පූබාර සිංහන් සූරියපාලන් සහ දෙවන සාක්කි කාර මනියරාසන් සුලක්ෂන් යන දෙදෙනාට ද නඩුවට අදාළ සාක්ෂි ලබාදීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද තවදුරටත් නියෝග කෙරිණි.
අධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගයකට අනුව පළමු වතාවට සැකකාර රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ අද විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාශය ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී අනුරාධපුර ප්රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවේ කියා සිටියේ, 2021 වසරේ සැප්තැම්බර් මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු (බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස්, එම බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් සිදුකර, තර්ජනය කර වරදක් සිදුකර ඇති බවට දන්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප‍්‍රකාරව ප‍්‍රමාණවත් සාක්කි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart