
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සැළකිව යුතු ලෙස අඩුවෙමින් තිබුණ ද මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඖෂධ බෙදා හැරීමේ අභියෝග සමඟ අඛණ්ඩ ගැටලුවකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන පරිදි දැනට පවතින ඖෂධ හිඟය ආසන්න වශයෙන් ඖෂධ වර්ග 300 සිට 52 දක්වා අඩු වී ඇත.
කෙසේවෙතත් ඖෂධ බෙදා හැරීම නියාමනය සඳහා නිර්මාණය කර ඇති තොරතුරු කළමනාකරණ මෙවලමක් වන ‘ස්වස්තා’ පද්ධතිය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වේ.
විශේෂඥ උපදේශක කණ්ඩායමක් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරන ලද ‘ස්වස්ථා’ පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලින් භාවිත කරන ලද දෝෂ සහිත පද්ධතිය වෙනුවට හඳුන්වා දෙන ලදී.
කලින් පද්ධතියට වඩා රුපියල් මිලියන 644ක වියදමකින් යුතුව වැඩිදියුණු කරන ලද ‘ස්වස්තා’ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ආයතන හරහා ඖෂධ නියාමනය සහ බෙදාහැරීම විධිමත් කිරීමට අදහස් කර තිබිණි.
මෙම දියුණු පද්ධතිය තිබියදීත්, ඖෂධ බෙදා හැරීම සංකීර්ණ කරමින් එසැණ යාවත්කාලීන කිරීම් සහ දත්ත කළමනාකරණය පිළිබඳ ගැටලු පවතින බව වාර්තා වේ.
ඖෂධ බෙදාහැරීම අසමාන ලෙස පැවතීම සැළකිව යුතු ගැටලුවක් බව වෛද්‍ය විජේසිංහ අවධාරණය කරයි.
ඇතැම් රෝහල්වල තොග බහුල වන අතර තවත් සමහරක හිඟයන් පවතී.
ස්වස්ථා පද්ධතියට තිබෙන අභ්‍යන්තර හා බාහිර ප්‍රතිරෝධය හේතුවෙන් මෙම විෂමතාව වඩාත් නරක අතට හැරී ඇති බවත් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට උත්සාහ දරන නමුත් ඖෂධ මාෆියාවන්ගේ අභියෝගවලට ද මුහුණදීමට සිදුව ඇති බවත් වෛද්‍ය විජේසිංහ පවසයි.
වෛද්‍ය සැපයුම් අංශය පවසන්නේ පූර්ණ කාර්යක්ෂම බෙදාහැරීමේ ජාලයක් කරා යන මාවත අභියෝගාත්මක වුවද ‘ස්වස්ථා’ පද්ධතිය ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart