
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ NSW දිස්ත්‍රික් උසාවියේ නඩු විභාගයකට මුහුණ දුන්නේය.
ඉදිරිපත්වූ චෝදනා දින තුනක් තිස්සේ විභාග කෙරිණි.
ඔහුගේ නඩු විභාගය ඊයේ අවසන් වන විට, ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීම් දැක්වෙන වීඩියෝ දර්ශන අධිකරණය නිකුත් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ධනුෂ්කට චෝදනා එල්ල කරන තරුණිය, පෙර භවයන් පිළිබඳව ප්‍රකාශ කළහැකි බව තමාට කියූ බව ධනුෂ්ක මෙම වීඩියෝවේදී ප්‍රකාශ කරයි.
තමාගේ පෙර භවය පිළිබඳවද යමක් කිව හැකිදැයි ධනුෂ්ක අදාළ තරුණියගෙන් විමසූ බව මෙහි කියවෙන අතර, එහිදී තරුණිය පවසා ඇත්තේ, ධනුෂ්ක සහ ඇය අතීත භවයකදී තායිලන්තයේ අසල්වැසියන් ලෙස වාසය කර ඇති බවයි.
තරුණිය කියූ විස්තර අසා තමා බියට පත්වූ බවද ධනුෂ්ක මෙහිදී ප්‍රකාශ කරයි.
තමාගේ මව විසින් සිය කේන්දරය මාස දෙක තුනකට වරක් පරික්ෂා කරන බවද ධනුෂ්ක මෙහිදී සඳහන් කරයි.
අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart