
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා ක්‍රියාත්මක වන ගුවන් ගමන්වලදී ‘පවර් බෑන්ක්’ හේතුවෙන් බරපතළ ආරක්ෂක ගැටලු මතු වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින බව බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුරු අඟවා තිබේ.
ගුවන් සමාගම් විසින් පනවා ඇති නීති රීති දැඩි ලෙස අනුගමනය කරන ලෙස එම අධිකාරිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම අතේ ගෙන යා හැකි චාජර් අධික ලෙස රත් වීමට හෝ ගිනි ගැනීමට ලක්විය හැකි බැවින්, නිසි ලෙස පරිහරණය නොකළහොත් ඒවා බරපතළ අවදානමක් විය හැකි බව එම නියාමන ආයතනය ප්‍රකාශ කළේය.
පවර් බෑන්ක් ප්‍රධාන ගමන් මලු (Checked luggage) තුළ තැබීම තහනම් කිරීම වැනි නීති නිකම්ම පැනවූ ඒවා නොව, ආරක්ෂාව උදෙසාම පනවා ඇති අතිශය තීරණාත්මක නීති බව ද එහි අවධාරණය කර ඇත.
බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජොනතන් නිකල්සන් සඳහන් කළේ, මගීන් අනිවාර්යයෙන්ම පවර් බෑන්ක් සිය අත් බෑගයන්හි (Hand luggage) පමණක් රැගෙන යා යුතු අතර එක් අයකුට රැගෙන යා හැක්කේ පවර් බෑන්ක් දෙකක් පමණක් බවයි.
එමෙන්ම ගුවන් ගමන අතරතුර ඒවා භාවිත කිරීමෙන් හෝ නැවත චාජ් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, එසේ නොකළහොත් ඒවා අධික ලෙස රත් වීමේ අවදානම ඉහළ යන බවත් ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය සතියේ ඊජිප්තුවේ සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ‘ඊසිජෙට්’ ගුවන් යානයක් හදිසියේම රෝමය වෙත හරවා යැවීමට සිදුවූයේ ද මගියකු විසින් සිය පවර් බෑන්ක් එකක් යානයේ ගබඩා මැදිරියේ තිබූ ගමන් මල්ලක දමා තිබීම හේතුවෙනි.
ඒ අනුව පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස යානය හදිසියේ ගොඩබෑමට සිදුවූ අතර, මගීන්ට මුළු රාත්‍රියක්ම එහි රැඳී සිටීමට සිදු විය.
ලිතියම්-අයන බැටරි සහිත මෙවැනි උපකරණ භාවිතය බහුල වීමත් සමඟ ඊට සම්බන්ධ අනතුරු ද ඉහළ යමින් පවතින බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඔවුන්ගේ දත්තවලට අනුව, 2024 වසරේදී පමණක් බැටරි අධික ලෙස රත් වීමට සම්බන්ධ සිදුවීම් සතියකට සාමාන්‍යයෙන් ගුවන් ගමන් දෙකකදී පමණ වාර්තා වී ඇත.
කෙසේවෙතත්, මේ පිළිබඳ මහජනතාව තුළ පවතින දැනුවත්භාවය තවමත් සීමිත මට්ටමක පවතින අතර සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බොහෝ මගීන් මෙවැනි නීති පවතින බව දැන සිටියද, එම නීති මොනවාද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart