
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.
මීට දින 06කට ඉහත දී ඉකුත් (27) රාත්‍රී බොරලැස්ගමුව පැපිලියාන දමිතා අබේරත්නගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගියද ඔවුන් දෙදෙනා ඒ වන විටත් නිවසින් පිටව ගොස් තිබිණි.
කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කර ඇති බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.
ඉකුත් (27) වැනිදින ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පත මහේස්ත්රාත් තිළිණ ගමගේ ප්රතික්ෂේප කිරීමත් සමඟම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් බොරලැස්ගමුව පැපිලියාන නිවසට ගොස් තිබිණි.
එහෙත් ඔවුන් දෙදෙනා නිවසේ සිට නොමැත. දමිතා අබේරත්නගේ මව පමණක් නිවසේ සිට ඇත. එනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවස ආසන්නයේ (27) වෙනිදින රාත්‍රී සිට පසුදින දහවල් තෙක් රැඳී සිට අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart