
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව (UNESCO) විසින් දඹුල්ල ලෙන් සිතුවම්වලට සිදුවන ජල හානිය පාලනය කිරීම සඳහා විශේෂඥයකු මෙරටට එවීමට නියමිත බව වාර්තා වේ.
මෙම අභියෝගයට මුහුණදීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල ද්විපාර්ශ්වික ප්‍රවේශයක් අනුගමනය කර ඇත.
ඉන් පළමුවැන්න වන්නේ හානිය කල්දැමීම, චිත්‍ර පිරිහීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීම සඳහා විවිධ ශිල්පීය ක්‍රම භාවිත කිරීමයි.
දෙවන අංගය වන්නේ හානිය පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එමගින් මෙම වටිනා කලා කෘතිවලට සිදුවිය හැකි හානිය සීමා කිරීමට උත්සාහ කරයි.
“එය ස්වභාවික සංසිද්ධියක්. ඒ නිසා අපි එය පාලනය කරනවා. ලෝකයේ ඕනෑම ආකාරයක ස්මාරකයක්, සිතුවමක් හෝ ගෘහ නිර්මාණ ශිල්පයක් සමඟ අපට දේවල් දෙකක් කළ හැකිය. ඒ හානිය කල්දැමීම සහ එය පාලනය කිරීම. එමගින් කලා නිර්මාණයට වන හානිය හැකිතාක් සීමා කිරීම. මේ ප්‍රශ්නය විසඳන්න යුනෙස්කෝ සංවිධානයේ විශේෂඥයෙක් මේ මාසේ එනවා.” යැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ සඳහන් කරයි.
මහාචාර්ය රණසිංහ සඳහන් කරන්නේ, දඹුල්ලේ ලෙන් සිතුවම් ජලයෙන් බලපෑමට ලක්ව ඇති බවයි.
එය සම්පූර්ණයෙන්ම නැවැත්විය නොහැකි හෝ වළක්වා ගත නොහැකි ස්වාභාවික සංසිද්ධියක් බවද මහාචාරයවරයා පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart