
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තරුණ යුවළක් ශ්රී දළදා මාළිගාව තුළ පූර්ව මංගල පටිගත කිරීමක් (ප්රී-ෂූට්) සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ විධිමත් පරීක්ෂණයක් සිදුවි නැති බව සඳහන් කරමින්, ඒ පිළිබඳව විධිමත් පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා කන්ද උඩරට අභිමානය සංවිධානය මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ට සහ ජනපති රනිල් වික්රමසිංහට ලිපියක් යොමුකර ඇත.
වගකිවයුත්තන් පවසන පරිදි මෙය කිසිවකුගේ අවසරයකින් තොරව කර ඇත්නම් එය දළදා මාළිගාවේ ආරක්ෂාවට බරපතල ප්රශ්නයක් මතුවන බවද එම ලිපිය මගින් පෙන්වා දි ඇත.
කන්ද උඩරට අභිමානය සංවිධානයේ සභාපති සුදන්ත සේනායක හා ලේකම් සුනේත්රා හුලන්ගමුව යන අයගේ අත්සනින් යුත් අදාළ ලිපියේ පිටපත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා පොලිපතිවරයා වෙත ද යොමුකර තිබේ.
නිතර ජනයාගෙන් පිරී පවතින ශ්රී දළදා මාලිගාව තුළ මෙම ඡායාරූපවල පසුබිමේ කිසිවෙකුත් දක්නට නොලැබෙන බවත්, මේ තුළින් මාළිගා පරිශ්රය තුළ ඔවුන්ට නිදහසේ ඡායාරූප ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව තහවුරු වන බවත් එම ලිපිය මගින් කන්ද උඩරට අභිමානය සංවිධානය කියා සිටියි.
මේ සඳහා දළදා මාලගාවෙන් අවසරයක් ලබාගෙන නැති බව දියවඩන නිලමේවරයාද පවසන අතර, එසේනම් එය මාළිගාවේ ආරක්ෂක අංශ තම රාජකාරිය නිසි ලෙස ඉටුකර නොමැති බව තහවුරුවෙයි.
එය සුළුකොට තැකිය නොහැකි බැවිත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුවන බවක්ද පෙනෙන්නට නොමැති බවත් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart