
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලිබල රාජ්ය ඇමැති ඩී. වී.චානකගේ මාමණ්ඩිය ඇතුළු පසුගිය කාලයේ දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන ගණනවක් සිදුකර ඇත්තේ පාතාල කණ්ඩායම් විසින් කරන්දෙණිය හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් ලබාගත් ටී 56 ගිනි අවියකින් බවට පොලිසිය සැක පළකරයි.
කරන්දෙණිය හමුදා කඳවුරේ අවි ගබඩාවේ තිබූ ටී 56 ගිනි අවියක් ඇතුළු මැගසින් කිහිපයක් අතුරුදන්ව ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
යුද හමුදා පොලිසිය මගින් මෙම අප ගබඩාවේ භාරකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි දිනවලදී සැකකරු පොලිසියට භාරදීමට නියමිතය.
කරන්දෙණිය අවි ගබඩාවට යාබදව වළදමා තිබියදී ටී 56 මැගසින් කිහිපයක් යුද හමුදා පොලිසිය මගින් පසුගියදා සොයාගෙන ඇත.
පොලිසිය සැක පළකර ඇත්තේ, මෙම අවි ගබඩාවෙන් අතුරුදන් වූ ටී 56 ගිනි අවිය කුලී පදනම මත පාතාලයට මිනිස් ඝාතන සිදුකිරිම සඳහා ලබාදෙන්නට ඇති බවයි.
රාජ්ය ඇමැති ඩී. වී. චානකගේ මාමණ්ඩිය ඇතුළු දකුණේ සිදුවූ මිනිස් ඝාතන කීපයක් සඳහා පාතාල කල්ලි විසින් යොදාගෙන ඇත්තේ ටී 56 ගිනි අවි බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අතුරුදන්වූ අවිය සොයා හෙයුමක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart