
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕමානයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 68 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් වත්තල ට්‍රාන්ස්කෝ ගබඩාවට අනුයුක්ත රේගු නිලධාරීන් විසින් අද සිය භාරයට ගෙන තිබේ.
එම මෙහෙයුමේදී ඕමානයෙන් ගෙන්වා ඇති බහාලුමේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2,697 ක් සහ කොකේන් ග්‍රෑම් පහක් සොයාගැනීමට හැකි වූ බව රේගුව පවසයි.
අදාළ පාර්සලය, මුදුන්ගොඩ, බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක් වෙත යොමුකරන ලද්දක් බව ද අනාවරණ වී තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ, පාර්සලය සම්බන්ධයෙන් ට්‍රාන්ස්කෝ ගබඩාවේ සාමාන්‍ය පරීක්ෂණ ක්රියාපටිපාටිවලදී සැකයක් මතු වූ අතර එබැවින් එය පරීක්ෂා කිරීමට කටයුතු කළ බවයි.
එහි ඇත්තේ, මත්ද්‍රව්‍ය බව තහවුරු වූ වහාම පාර්සලය ලබාගැනීමට පැමිණි බලයලත් නිෂ්කාශන නියෝජිතයා ලෙස හඳුනාගෙන ඇති 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මත්කුඩු තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart