
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුත් ඉතිහාසයේ විශාලතම ‘මැජික් මෂ්රූම්’ තොගයක් සහ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සීදූව ප්‍රදේශයේ කුරියර් සේවාවකින් අද(250 අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පාර්සල් එවා ඇත්තේ ඇමරිකාවෙන් සහ නෙදර්ලන්තයෙනි.
මීට සති කිහිපයකට පෙර ඇමරිකාවේ සහ නෙදර්ලන්තයේ සිට මෙරටට පැමිණි පාර්සල් නවයක් රඳවා තබාගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් නියෝග කර තිබේ.
එම පාර්සල් කොළඹ, මහරගම සහ පිළියන්දල යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනවලට යොමුකර ඇති බව දැනගත් නිලධාරීන් ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට තීරණය කළ බව රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
එම පාර්සල් නවයේ තිබී කුෂ් කිලෝ 04ක්, මැජික් මෂ්රූම් ග්‍රෑම් 300ක්, එක්ස්ටසි (එම්ඩීඑම්ඒ) පෙති 2,000ක් සහ මත් චොක්ලට් කිහිපයක් සොයාගෙන ඇත.
මැජික් මෂ්රූම් යනු psilocybin හෝ psilocin යන ඖෂධ අඩංගු හතු වර්ගයකි. මෙම ඖෂධ මායාවන් ඇති කරයි. ඒවා විනෝදාත්මක ඖෂධ ලෙසද භාවිත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart