
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිධානයක් හාරා ලබාගත් බව කියන මිල කළ නොහැකි අතිදුර්ලභ වර්ගයේ ගජමුතු 05ක් රුපියල් මිලියන 72කට (රුපියල් හත්කෝටි විසි ලක්ෂයක මුදලකට) අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව ජා-ඇළ පොලිසිය පවසයි.
ඉකුත් 29 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේදී ගජමුතු කිහිපයක් විකිණීමට කණ්ඩායමක් සූදානම් වන බවට ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් මෙම ගජමුතු සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ජා-ඇළ කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් කොස්තාපල් සුජීව (84955) යන නිලධාරියා ව්‍යාපාරිකයකු ලෙස පෙනීසිටිමින් ගජමුතු මිල දී ගැනීමට ජාවාරම්කරුවන් සමඟ අදහස් හුවමාරු කරමින් මෙම වැටළීම සංවිධානය කර ඇත.
ඒ අනුව, තුඩැල්ල රුක්මණී දේවී ස්මාරකය අසලදී ගජමුතු රැගෙන පැමිණි පුද්ගලයන් 04 දෙනකු සමඟ ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 690ක් බර ගජමුතු 05ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ගජමුතුවල හිමිකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඔහු ඒකල පිහිටි ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක ගබඩා පාලකවරයකු ලෙස සේවය කරන්නෙකි.
අනෙක් තිදෙනා ගජමුතු අලෙවි කිරීමට තැරැව්කරුවන් ලෙස මැදිහත් වූවන් වේ.
අත්අඩංගුවට ගත් ගජමුතු හිමිකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මොහු පොලිසියට අනාවරණය කර ඇත්තේ දැදුරුඔයේ ගලක් මත සලකුණු කර තිබූ කිඹුලකුගේ රුවක් ගැන ප්‍රදේශයේ කට්ටඬියකුට පැවසීමෙන් පසු ඔහු විසින් යාතිකා කර ගොඩගනු ලැබූ මුට්ටියක තිබී ගජමුතු 05 මීට වසර කිහිපයකට පෙර තමාට ලැබුණු බවයි.
එම කාලය තුළ මෙම ගජමුතු අලෙවි කිරීමට උත්සාහ කළ ද එය කළ නොහැකි වූ බවත් ගජමුතු නිවෙස තුළ තිබූ කාලයේ තමන් සෑම අතින්ම පරිහානියට පත් වූ බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත.
කිසිදිනෙක මෙම ගජමුතු අලෙවි කිරීමට නොහැකි වන බවත් මෙම ගජමුතු ඇතුන්ගෙන් ලබාගැනීමේදී විශාල අපරාධයක් ඒ පිටුපස සිදුව ඇති නිසා සුවිශේෂ වස් කැපීම් සිදුකළ යුතු බවටත්, ගජමුතු ලබාගත් පුද්ගලයාට ගජමුතු ලබා ගැනීමට සහාය වූ කට්ටඬියා පවසා තිබේ.
පසුව වෙනත් කට්ටඬියකු ලවා වස් කැපීම් සිදුකර ගජමුතු 05 අලෙවි කිරීමට සූදානම් වූ පසු මෙලෙස අත්අඩංගුවට පත් වූ බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ගජමුතු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart