
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශ ජතික jean pierre martinez විසින් රචිත critical but stable යන වේදිකා නාට්‍යය තුෂාර දිල්හාන් ගොඩගේ ‘බරපතලයි එහෙත් ස්ථාවරයි’ නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.
නාට්‍යය ජනවාරි 26 වැනිදා සවස 6:30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගතවීමට නියමිතය.
මෙය රචකයා විසින් ප්‍රහසනය හා කුතුහලය භවිත කරමින් ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගැනිමට සමත් වු නිර්මාණයකි.
මිනිසාගේ අභ්‍යයන්තර කෑදරකම් වෙනුවෙන් අනෙකාව පෑගීම, පාවිච්චි කිරීම, සුරාකෑම මෙම නිර්මාණය පුරාම පියරේ අප වෙත රැගෙන එයි.
නුගත් සමාජ සමාජිකයා කරන සමාජ විරොධි ක්‍රියාවන් උගත් සමාජ සමාජිකයන් විසින් සූරාකන අකාරය ඔහු මෙහි අන්තර්ගතය තුළ තබයි. එය වර්ථමාන අප සමාජයට මනාව ගැලපේ.
මෙහි රංගනයෙන් දායක වනුයේ, උදේනි අලවිස්, සමිත සුධිෂ්වර, ඇතිනා ශෙනෝලි, ඉරේෂා වෙත්තසිංහ, දිලුනි රණසිංහ, සුමේධ හේවාවිතාරණ සහ එම් එමිල් ය.
වේදිකා පරිපාලනය සුසිල් විජෙසේකරගෙනි.
අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය විජිත හෙට්ටිගේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart