
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලාන තරගාවලිය අතරවාරයේ ඉන්දියාවේදී පැවැත්වෙන අන්තර්ජාති ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්වීමට ක්‍රිකට් ආයතනය ඉල්ලුම්කළ නිලධාරින් 08දෙනා වෙනුවට, ඉන් දෙදෙනකුට පමණක් අවසර ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ක්‍රිකට් ආයතනය ලිපියක් මගින් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකල ලිපියට පිළිතුරු ලෙස, ජාතික ක්‍රිඩා සභාව ලබාදුන් නිර්දේශ මත ක්‍රිඩා අමාත්‍යාංශය මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා පමණක් අන්තර්ජාති ක්‍රිකට් කවුන්සිල කමිටු රැස්විමට සහභාගිවීම ප්‍රමාණවත් බව ජාතික ක්‍රිඩා සභාව දැනුම් දි ඇත.
නොවැම්බර් මස 18 සිට 21 වැනි දින දක්වා දින 04ක් පැවැත්වෙන අදාළ කමිටු රැස්විමට යෑම සදහා ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට්පත් මෙන්ම, ඉන්දියාවේ දින 10ක් රැදීසිටීමට ක්‍රිඩා අධ්යක්ෂ ජනරාල් වෙත යොමුකළ ලිපියේ අවසර ඉල්ලා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart