
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම සහ අසහාය තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 89 වැනි වියේ පසුවූ අතර, ඔහුගේ අභාවයත් සමඟ සමස්ත ලෝක ක්‍රිකට් ප්‍රජාවම දැඩි ශෝකයකට පත්ව ඇත.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් ප්‍රකාශ කර සිටියේ “විශිෂ්ට ඉනිමක අවසානය සනිටුහන් වී ඇති නමුත්, සර් ගාෆීල්ඩ් සෝබර්ස් සැමදා අපගේ හදවත් තුළ ජීවත් වන” බවයි.
1954 සිට 1974 දක්වා වූ දශක දෙකක කාලය තුළ කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරඟ 93කට ක්‍රීඩා කළ සෝබර්ස්, එහිදී ලකුණු 8,032ක් රැස්කර ගැනීමට සමත් වූයේ 57.78ක ඉහළ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
මීට අමතරව අතිශය දක්ෂ සහ විවිධත්වයකින් යුත් පන්දු යවන්නෙකු වූ ඔහු, වේගපන්දු මෙන්ම දඟපන්දු යන ද්විත්වයම එකලෙස යොදාගනිමින් ටෙස්ට් කඩුලු 235ක් ද බිඳහෙළීය.
ප්‍රහාරාත්මක වමත් පිතිකරුවකු වූ සෝබර්ස් 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස්කළ අතර, එය වසර 36ක් පුරා ලොව ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතර නොසැලී පැවැතිණි.
අන්තර්ජාතික ක්‍රිකට් පිටියට අමතරව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ නොටිංහැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළ සෝබර්ස්, 1968 වසරේදී පළමු පෙළ ක්‍රිකට් තරඟයකදී එකම පන්දුවාරයක පන්දු 6ටම හයේ පහරවල් 6ක් එල්ල කළ ලොව ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය.
ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ අමිල මෙහෙවර උදෙසා 1975 වසරේදී ඔහුට නයිට් නාමයක් පිරිනැමුණු අතර, විස්ඩන් සඟරාව මඟින් නම්කළ 20 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයන් පස්දෙනා අතරට ද මෙම අසමසම ක්‍රීඩකයා ඇතුළත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart