
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සියයට 02 කින් හෝ 35,655 කින් පහත වැටී ඇත.
මීට හේතුව ලෙස විශ්ලේෂකයින් සඳහන් කරන්නේ, ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන පුද්ගලයා වැඩි වශයෙන් විදේශගතවීම සහ ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් අවලංගු කිරීමයි.
රටේ භාවිත වන සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව පසුගිය වසර අවසන් වන විට 1,952,991 සිට මේ වසරේ අගෝස්තු අවසන් වන විට 1,917,336 දක්වා පහත වැටී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
පසුගිය වසරේ මුල් මාස අට තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 36,510 කින් 1,963,705 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම වසරේ අගෝස්තු අවසන් වන විට මාස 12 ක කාලය තුළ එම සංඛ්‍යාව 46,369 කින් හෙවත් සියයට 2.4 කින් අඩු වී ඇත.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බංකොලොත්භාවය සහ විදේශ ණය පැහැර හැරීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සංක්‍රමණවල තියුණු වැඩිවීමක් දක්නට ලැබේ.
සමහර විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඉහළ පොළී (දඩ) අනුපාත අයකිරීම ඇතැම් පරිශීලකයන් ඔවුන්ගේ කාඩ්පත් අවලංගු කිරීමට පොළඹවනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart