
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
මෙම සංශෝධනයේදී පෙට්‍රල් 92 ඔක්ටේන් සහ ලංකා ඔටෝ ඩීසල් මිල සම කිරීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් (රු. 365) ලීටරයක් රු. 09කින් අඩුකර ඇති අතර එහි නව සිල්ලර මිල රු. 356කි.
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 (රු. 420) ලීටරයක් රු. 03කින් වැඩිකර ඇති අතර එහි නව සිල්ලර මිල රු. 423කි.
ලංකා ඔටෝ ඩීසල් (රු. 351) ලීටරයක් රු. 05කින් වැඩිකර ඇති අතර එහි නව සිල්ලර මිල රු. 356කි.
ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 (රු. 421) ලීටරයක් රු. 10කින් වැඩිකර ඇති අතර එහි නව සිල්ලර මිල රු. 431කි.
ලංකා භූමිතෙල් (රු. 242) ලීටරයක් රු. 07කින් වැඩිකර ඇති අතර එහි නව සිල්ලර මිල රු. 249කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart