
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා පසුගිය 2020 වසරේ සිට මේ වසරේ ජුනි මස දක්වා ලබාදුන් ඉන්ධන වෙනුවෙන් අයවිය යුතු රුපියල් රුපියල් බිලියන දෙසිය තිස්හතරක(234) මුදලක් අයකර ගැනීමට තිබියදී, එම මුදල් අයනොකර ඉන්ධන මිල ඉහළ දැමිමට වෘත්තිය සමිති විරෝධය පළකරයි.
ඉන් වැඩිම මුදලක් ලබාගැනිමට ඇත්තේ විදුලිය නිෂ්පාදනයට විදුලිබල මණ්ඩලයට හා පෞද්ගලික බලාගාර සදහා ලබාදුන් ඉන්ධන වෙනුවෙන් වන අතර, එම මුදල බිලියන එකසිය විසිඅටකි(128).
ලංකා විදුලිබල මණ්ඩලයෙන් පමණක් බිලියන අසු හයක්(86) අයකර ගැනිමට ඇති බව තෙල් සංස්ථාව පසුගියදා සකස් කළ වාර්තාවක සදහන් වේ.
මීට අමතරව ශ්‍රිලංකන් ගුවන් සමාගම, දුම්රිය දෙපාර්තමේන්තුව, මග නැගුම,බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා ගමනාගමන හණ්ඩලය හා ලිට්රෝ සමාගම ආදී ආයතනවලින් රුපියල් බිලියන එකසිය එකක් (101) අයකර ගැනීමට ඇත.
ඊට අමතරව ත්‍රිවිධ හමුදාව හා පොලිස් දෙපාර්තමේන්තුව සදහා ලබා දී ඇති ඉන්ධන වෙනුවෙන් සංස්ථාවට රුපියල් බිලියන තුනක(03) මුදලක් අයකර ගැනීමට ඇති බව වෘත්තීය සමිති පෙන්වාදෙයි.
බෙදුම්කරුවන්ගෙන් හා වෙනත් පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන නවසිය විසිඅටක(928) මුදලක්ද සංස්ථාවට අයකර ගැනිමට ඇති බව අදාළ ලේඛණයේ සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart